Other sinhala blog posts » New Post | Log in | Powered by myblog.lk

තාරකගේ මැරතන් 2009

17 Apr, 2009

HTML එලිමන්ට්

පළකරන ලද්දේ : kpgtharaka විසින් වර්ගීකරණය නොකළ තුලයි.

මේ ටැග් ගත්තම ඒවට element සහ attribute තියෙනවා. එලිමන්ට් එකක් පටන්ගන්නේ ආම්භක(<   >) ටැගයෙන් ඉවරවෙන්නේ අවසන් ටැගයෙන්(</  >) උදාහරණයක් විදියට paragraph එලිමන්ටි එක ගත්තම ඒක <p> කියන ටැගයෙන් ආරම්භ වෙලා </p> කියන එකෙන් අවසන් වෙනවා. බොහොමයක් එලිමන්ට් වලට ඇට්‍රිබියුට් තියෙනවා.

උදා: align=”left”

17 Apr, 2009

HTML සබඳතා

පළකරන ලද්දේ : kpgtharaka විසින් වර්ගීකරණය නොකළ තුලයි.

ඔන්න කට්ටියටම වැදගත් වෙන මාතෘකාවක්. මොකද ‍කමෙන්ට් ‍එහෙම දාන කොට හොඩක් අය නිකං link එක විතරක් දානවා. ඉතින් බලන කෙනා. ඒක කොපි කරල ලිපිනතීරුවට අලවල තමයි බලන්න වෙන්නෙ.

පාවිච්චි වෙන්නෙ <a> කියන ටැග් එක. දාන සරලම විදිය තමයි. <a href=”අදාල ලිපිනය”>වචනයක් පින්තූරයක් වගේ ඕනම දෙයක්</a>මතක තියාගන්න <a> ලියපු තැන ඉදල </a> කියන තැනට වෙනකංම ලින්ක් එකට අයිති වෙනවා. ඒක නිසා මේක අවශ්‍ය තැනින් වහන්න මතක තියාගන්න.

මෙන්න උදාහරණයක්

මේක මැරතන් එකට ලින්ක් එකක්.

මෙච්චරයි ලියල තියෙන්නේ<a href=”http://marathon.sinhalabloggers.com/”>මෙන්න උදාහරණයක්</a>

17 Apr, 2009

HTML paragraph

පළකරන ලද්දේ : kpgtharaka විසින් වර්ගීකරණය නොකළ තුලයි.

HTML ලියද්දී ඡේදයක් බව කියන්න පාවිච්චි කරන්නේ <p> කියන ටැග් එකෙන්. ලොකු ඡේදයක් ‍ලියද්දී <p> </p> ටැග් ඇතුලෙ ලිවුවම ඊලග ඡේදය පටන් ගන්න කලින් ඉඩක් හිටිනවා.  මේක නම් කරලම තමයි බලන්න ඕන

<p>මේ එක ජේදයක්</p>
<p>මේ තව ඡේදයක්</p>

17 Apr, 2009

වතුර වත් නැනේ

පළකරන ලද්දේ : kpgtharaka විසින් වර්ගීකරණය නොකළ තුලයි.

කට්ටියම irc එකේ මඩ ගහගන්නවා විතරයි. දුවන එවුන්ට වතුරගහන්න කවුරුවත් නෑ. මාත් පොඩි බ්‍රෙක් එකක් ගන්නවා

17 Apr, 2009

HTML headings

පළකරන ලද්දේ : kpgtharaka විසින් වර්ගීකරණය නොකළ තුලයි.

ශීර්ෂක වර්ග 6කි. එනම් <H1> සිට <H6> දක්වායි. මේවා <body> ටැගයන් තුල ලියනු ලැබේ.

උදාඃ

<H1>පළමු මට්ටමේ ශීර්ෂකය</H1>

<H2>පළමු මට්ටමේ ශීර්ෂකය</H2>

:             :                  :

:             :                  :

:             :                  :

<H6>පළමු මට්ටමේ ශීර්ෂකය</H6>

17 Apr, 2009

මුල්ම පාඩම

පළකරන ලද්දේ : kpgtharaka විසින් වර්ගීකරණය නොකළ තුලයි.

ඔන්න දැන් තමයි පාඩම පටන් ගන්න පුලුවන්.  මෙච්චර වෙලා ‍හදුන්වාදීමනේ කලේ.  ඇත්තටම html වලින් කරන්නේ ගවේශකයට අණ දීමක් කියන්න පුලුවන්. අපි ලියන ඒවයින් කරන්නේ ගවේශකයේ කුමන ස්ථානයේ කුමන අයුරින් දිස්විය යුතුද යන්න කීමයි. ඉතිං ලියන්න පටන්ගමු.

මුලින්ම editor එක open කරගන්න. දැන් පහත ටික යතුරු ලියනය කරන්න.

<html>
<body>
ආයුබෝවන්
</body>
</html>

මේ  <HTML> කියල මුලින්ම පටන් ගන්න එකෙන් කරන්නේ ගවේශකයට මෙම ටැග දෙක අතර අඩංගු දෑ html content බව හදුන්වා දිම කියල කියන්න පුලුවන්.

ඊලගට තියෙන්නේ <body> ඒමගින්ද සිදුව‍නුයේ මෙය ගවේශකයේ දිස්වීමට ඇති ප්‍රදේශයේ දිස්වන ලෙස අණ කිරීමයි.මේ අනුව බැලුකල මෙම කොටස යතුරුලියනය කර කැමති නමක් දී දිගුව ලෙස .htm හෝ .html සඳහන්කර සිංහල භාවිතා කල බැවින් encoding ස්ථානයට යුනිකෝඩ් ලෙසද ලබාදී සුරකින්න.

දැන් ගවේශකය ආධාරයෙන් සුරකින ලද පිටුව විවෘත කර බලන්න. එවිට “ආයුබෝවන්” යන්න දිස්වන අයුරු දැකගත හැක.

17 Apr, 2009

HTML ටැග්ස්

පළකරන ලද්දේ : kpgtharaka විසින් වර්ගීකරණය නොකළ තුලයි.

Html පිටු html tags සහ සරල පෘඨ වලින් සමන්විත විය හැක.

tags angle වරහන්(<>) වලින් වටකර ලියනු ලැබේ. උදා: <HTML>

සාමාන්‍යයෙන් මෙම ටැග යුගල වශයෙන් පවතින අකර සමහරක් පමණක් තනිව පිහිටයි. උදා: <b>සහ</b>, <img>

යුගල වශයෙන් පවතින ටැග වල මුල් ටැගය ආරම්භක ටැගය ලෙසද දෙවන ටැගය අවසන් ටැගය හො වැසීමේ ටැගය ලෙස හදුන්වයි.

17 Apr, 2009

HTML කියන්නේ මොකක්ද?

පළකරන ලද්දේ : kpgtharaka විසින් වර්ගීකරණය නොකළ තුලයි.

HTML කියන්නේ Hyper Text Markup Language කියන එක. ඒක කෙටි කරල මුල් අකුරු ටික ගත්තම තමයි HTML. මේක ‍Programming Language එකක් නෙවෙයි. Markup Language එකක්. ඒකියන්නේ Markup tag වල එකතුවක්. HTML මේ markup tags පාවිච්චි කරනවා වෙබ් පිටුවක් විස්තර කිරීම සඳහා.

17 Apr, 2009

HTML Editors

පළකරන ලද්දේ : kpgtharaka විසින් වර්ගීකරණය නොකළ තුලයි.

මේ html පිටුවක් හදාගන්න වෙනම editors ඕන නෑ. ඕනම editor එකකින් කරන්න පුලුවන්. වින්ඩෝස් පාවිච්චි කරනවනම් Notepad එකේ උනත් ලියල ‍බලන්න පුලුවන්. සිංහල පාවිච්චි කරනවනම් මතක ඇතුව සේව් කරද්දී encoding යු‍නිකෝඩ් තෝරන්න අමතක කරන්න එපා. නැත්නම් පෙන්නන්නේ ??????????????????? විතරයි. එහෙනම් ලේසිම editor එක ඇරගෙන ලේස්තිවෙලා ඉන්න.

17 Apr, 2009

HTML ගැන ලියන්න හිතුනා

පළකරන ලද්දේ : kpgtharaka විසින් වර්ගීකරණය නොකළ තුලයි.

කට්ටිය පොස්ට් දානකොට ලින්ක් දාන විදිය දැක්කම මට හිතුනා HTML ගැන ලියන්න.  මුල ඉදලම ලියන්න යන්නේ


  • Tania: Hi there, kpgtharaka.myblog.lk - da best. Keep it going! Thank you Tania
  • Manushan: අනේ සමාවෙන්න මම හැමොටම වතුර ගහන්නම් කියලා හිටියට මට හොදට
  • Ruwan: Good luck for marathon, keep going, Some water from me...

About

This is an example of a WordPress page, you could edit this to put information about yourself or your site so readers know where you are coming from.

Tags

 

March 2010
M T W T F S S
« Apr    
1234567
891011121314
15161718192021
22232425262728
293031