ඔන්න දැන් තමයි පාඩම පටන් ගන්න පුලුවන්. මෙච්චර වෙලා හදුන්වාදීමනේ කලේ. ඇත්තටම html වලින් කරන්නේ ගවේශකයට අණ දීමක් කියන්න පුලුවන්. අපි ලියන ඒවයින් කරන්නේ ගවේශකයේ කුමන ස්ථානයේ කුමන අයුරින් දිස්විය යුතුද යන්න කීමයි. ඉතිං ලියන්න පටන්ගමු.
මුලින්ම editor එක open කරගන්න. දැන් පහත ටික යතුරු ලියනය කරන්න.
<html>
<body>
ආයුබෝවන්
</body>
</html>
මේ <HTML> කියල මුලින්ම පටන් ගන්න එකෙන් කරන්නේ ගවේශකයට මෙම ටැග දෙක අතර අඩංගු දෑ html content බව හදුන්වා දිම කියල කියන්න පුලුවන්.
ඊලගට තියෙන්නේ <body> ඒමගින්ද සිදුවනුයේ මෙය ගවේශකයේ දිස්වීමට ඇති ප්‍රදේශයේ දිස්වන ලෙස අණ කිරීමයි.මේ අනුව බැලුකල මෙම කොටස යතුරුලියනය කර කැමති නමක් දී දිගුව ලෙස .htm හෝ .html සඳහන්කර සිංහල භාවිතා කල බැවින් encoding ස්ථානයට යුනිකෝඩ් ලෙසද ලබාදී සුරකින්න.
දැන් ගවේශකය ආධාරයෙන් සුරකින ලද පිටුව විවෘත කර බලන්න. එවිට “ආයුබෝවන්” යන්න දිස්වන අයුරු දැකගත හැක.
Recent Comments